පෙර දේශපාලන නියෝජිතයන් විසින් මුල්ගල් තබා තිබූ බදුලුවේ අමුණේ ඉදිකිරීම් කටයුතු වසරක පමණ කාලයක් තුළ ඉදිරියට ගෙන යාමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක පැවසීය.
අමුණේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 220කට ආසන්න මුදලක් වැය කර ඇති බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු ශ්‍රම දායකත්වයෙන් එම කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, දිට්වා ආපදා තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබියදීත් ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වූ බවද මෙම අමුණ මඟින් බදුලුවේ ව්‍යාපාරය ආශ්‍රිතව ජල ධාරිතාව අක්කර අඩි 45කින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්ය.
ඒ හරහා ප්‍රදේශයේ ගොවි ජනතාවට වසරකට කන්න තුනක් වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් සැපයීමත්, වී අස්වැන්න වැඩි කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




