කලා ක්ෂේත්රය හරහා සමාජ වෙනසක් සහ ජනතා පිබිදීමක් ඇති කිරීම සඳහා එදා නිර්මාණය වූ ගීත සහ කලා නිර්මාණ අරගලයේ මෙන්ම සමාජ පරිවර්තනයේ ගාමක බලවේගයක් වූ බව මෙහිදී සිහිපත් කෙරේ.
ජනතාව පෙළගැසෙමින් අසාධාරණයට සහ පීඩනයට එරෙහිව හඬ නැඟූ සෑම අවස්ථාවකදීම, සමාජයට සහ ජනතාවට ආමන්ත්රණය කරමින් ගැයූ එම අර්ථවත් නිර්මාණ මිනිසුන්ගේ සිත් තුළ දැවැන්ත ශක්තියක් සහ පෙළඹවීමක් ඇති කිරීමට සමත් වූ බව පෙන්වා දෙන ලදී.
හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් සමාජයේ යථාර්ථය, මානව අයිතිවාසිකම් සහ සාධාරණත්වය වෙනුවෙන් නිර්මාණය වූ එවැනි ගීත සමාජ අරගලයන්ට අනුප්රාණයක් වූ බවත්, එම කලාකරුවන් කළ මෙහෙවර අදටත් ජනතාව මහත් ගෞරවයෙන් සිහිපත් කරන බවත් වැඩිදුරටත් අවධාරණය විය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




