කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (01) දින පොහොර ගෙන්වීමේ සමාගම් නියෝජිතයන් සහ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය නිසි ලෙස රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන අතර, විශේෂයෙන් TSP, Urea සහ MOP වර්ගයන් ගෙන්වීමේ වැදගත්කම අවධාරණය විය.
අදාළ සාකච්ඡාවට අමාත්‍යාංශ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහ වෙනත් අදාළ අංශ Zoom මගින් සම්බන්ධ වූහ.
පොහොර සමාගම් නියෝජිතයන් 2026 වසර සඳහා අවශ්‍ය සියලුම පොහොර ප්‍රමාණය රටට ගෙන්වා දීමට සූදානම් බව සහතික කළ අතර, කිසිදු අයුරකින් පොහොර හිඟයක් ඇති නොවන බවත් පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය.
අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබා දීම සඳහා සියලුම අංශ එක්ව කටයුතු කරන බවයි.





