”මොකක්ද මේ විහිළුව? විපක්ෂ කාර්යය තමන් විසින්ම විහිළුවකට ලක් කරගන්නවනේ. කවුද ඕගොල්ලන් සීරියස්ලි ගන්නේ මේ වගේ නාඩගම් නැටුවට පස්සේ. අපිටත් දුකයි.”
ඊයේ (20) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය විසින් සදහන් කරන ලද්දේ විපක්ෂය මගින් සිදුකරන ලද ගල් අගුරු සම්බන්ධයෙන් සිදු කරන ලද චෝදනාව පිළිබදවයි.
එහිදී වංචාදූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද එකම චෝදනාවද සාක්ෂි සමගින් ඔප්පු කිරීමට විපක්ෂය අපොහොසත් වූ බව පෙන්වා දෙමින් එතුමිය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරමින් එවැනි බරපතල චෝදනාවක් සිදුකිරීමේදී වගකීමක් සහිතව කටයුතු කළ යුතු බවයි.
සම්පුර්ණ ප්‍රකශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න >>>>>>>>>




