විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (08) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන බව සඳහන් වේ.
මෙම සංචාරය අතරතුර, අමාත්‍ය විජිත හේරත් UNWTO හි ඉහළ පෙළේ සැසිවාරවලට සහභාගී වන අතර, එහි සාමාජික රටවල් කිහිපයක නියෝජිතයන් සමග ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.






