ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
ඒ අනුව 2026 අයවැය යෝජනා පහතින් සඳහන් වේ.
- විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධති නවීන සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කිරීම සඳහා කාර්යය සවිබල ගැන්වීම සඳහා බලශක්ති, ඩිජිටල්, ප්‍රවාහන ඒකාබද්ධ ආර්ථික ප්‍රවර්ධන රාමුවක් (Integrated Economy Development Framework) ස්ථාපිත කිරීම.
- ඒ සඳහා අවශ්‍ය වන නීතිමය රාමුව සකසා ගැනීමේ අරමුණින් බලශක්ති පරිවර්තන පනත (Energy Transition Act) ලබන වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වීම.
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය තුළින්, ඌන උපයෝජිත ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් වැඩිදියුණු කර ආදායම් ඉපයිය හැකි ව්‍යාපෘති වන හෝටල්, ව්‍යාපාරික මධ්‍යස්ථාන, කර්මාන්ත ශාලා හෝ වෙනත් කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳ අධ්‍යයනය කර, ඒ අනුව මෙම සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම.






