ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
ඒ අනුව 2026 අයවැය යෝජනා පහතින් සඳහන් වේ.
- වතු කම්කරුවන්ට දැනට ගෙවනු ලබන රු. 1,350 දෛනික අවම වැටුප 2026 ජනවාරි සිට රු. 1,550 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කිරීම.
- එම රු. 1,550 ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රු. 200 ක් ගෙවීමට යෝජනා කිරීම සහ ඒ සඳහා රු. මිලියන 5,000 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කිරීම.
- දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවයක්ව පවතින ඌව පළාත් සභාවේ පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර ඉදිකිරීමට යෝජනා කිරීම.
- මොනරාගල සහ අම්පාර නගරවල, පොදු කටයුතු සඳහා යෝග්‍ය ශ්‍රවණාගාර පහසුකම් අන්තර්ගත වන පරිශ්‍රයක් ඉදි කිරීමේ මූලික වැඩ කටයුතු සඳහා රු. මිලියන 200 ක් අදාළ පළාත් සභාවලට වෙන් කිරීමට යෝජනා කිරීම.
- මීට පෙර ආරම්භ කර අතරමඟ නවතා තිබූ මාර්ග සහ පාලම් ඉදි කිරීම් යළි සක්‍රිය කිරීම, ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමට කටයුතු කිරීම. ඒ අනුව, පිළිවෙළින් ග්‍රාමීය මාර්ග සඳහා රු. මිලියන 24,000 ක්ද, ග්‍රාමීය පාලම් සඳහා රු. මිලියන 2,500 ක්ද වෙන් කර තිබේ.






