ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
ඒ අනුව 2026 අයවැය යෝජනා පහතින් සඳහන් වේ.
- මහපොළ ශිෂ්‍යාධාර මුදල රු. 2500 කින් වැඩි කිරීම. නව මහපොළ ශිෂ්‍යාධාර මුදල රු. 10,000 ක් බවට පත් වීම.
- ආබාධ සහිත පුරවැසින්ට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාදෙන්නේ නම්, රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව, සේවකයන්ගේ වැටුපෙන් 50% ක් ලෙස මාස 24 ක් රජයෙන් මූල්‍ය සහනයක් ලබාදීමට කටයුතු කිරීම.
- Clean Sri Lanka වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500 ක් වෙන් කිරීම.
- අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට යෝජනා කිරීම.






