ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවක් ඇතිවූ බැවින්, එම ධුරය සඳහා ජාතික ජන බලවේගයේ නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇත.

සූරියප්පෙරුම මහතා පසුගියදී මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහා ඔහු ඉල්ලා අස්විය.