අමාත්‍ය විජිත හේරත්.
ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වුවහොත්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආසන්න රටවලට ගෙන්වා ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් තවමත් මෙරටට පැමිණිය යුතු බවට ඉල්ලීම් සිදුකර නොමැති බවයි අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
තත්ත්වය උත්සන්න වුවහොත්, ආසන්න රටවල්වලට ගුවන් යානා යොමු කර, දේශසීමා හරහා ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
