ජනරාල් ජගත් ඩයස් කල විදේශීය කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව්ව.
කැනඩාවේ ඒක දේශපාලනගඥයෙක් කියලා තියෙනවා හරි විහිළු කතාවක්. කැනඩාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකික සිංහල ජනතාව, ජනසංහාරයක් සිදු වුණා කියලා කියන එක පිළිගන්නේ නැත්නම් ඒගොල්ලන්ට කැනඩාවෙන් පිටත් වෙන්න පුළුවන් කියලා. මේක අලුත්ම තත්ත්වයක්. නමුත් බෙදුම්වාදී ව්‍යාපෘතියේ මතවාදී වශයෙන් අන්තවාදී ඩස්පෝරාවේ, අන්තවාදී ධනවාදීව ශක්තිමත් අය ඒ සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම නොයෙක් නොයෙක් සංවිධාන දේශීය මාධ්‍ය, දේශීය සමාජජාල විද්වතුන්ට මුදල් ගෙවලා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනිය ගන්නවා. මේ සම්බන්ධව අපි දක්වන්නේ ඉතාමත් කණගාටුදායක ස්ථාවරයක්. ඉතින් අපි ඉන්නේ ඇත්තටම 16 වෙනි රණවිරු සැමරුම අභිමුඛයේ මේ රටේ ඉතාමත්ම දරුණුම ඛේදවාචකයක් අභියසකය. රට දෙකට වෙන්න පරිපාලනම වශයෙන්, නීතිම වශයෙන්, නොයෙක් නොයෙක් ගිවිසුම් හරහා ගත යුතු ක්‍රියාමාර්ග දරුණු තත්ත්වයකට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් මැද තමයි අපි මේ ජීවත් වෙන්නේ.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>