අමාත්‍ය නලින්ද ජයතිස්ස
ජාතික ජනබලවේගයේ ජනප්‍රියත්වය අඩු වුනා නම් විපක්ෂ නායකයාගේ පක්ෂයට වැඩි වෙන්න ඕනේ. එයාගේ තිබුණු ඡන්ද ප්‍රතිශතය බාගෙට බාගයක් අඩු කරගෙන, එක සභාවක් හරියට දිනන්න බැරි වුණා. දෙදාස් දහ අට පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන දෙසිය ගාණක් දිනපු පොහොට්ටුවට එකක්වත් දිනන්න පුළුවන් උනෙත් නෑ. එහෙම දිනලත් නෑ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක්, මහමැතිවරණයකදී උනන්දුවෙන්ම ඡන්දේ දෙන ඡන්ද දායකයා සමහරවිට ඡන්ද පොළ නොයා ඉන්න පුළුවන්. ඒ වගේම සමහරවිට ප්‍රාදේශීයව තමන්ගේ ඉදිරිපත් කරපු අපේක්ෂකයා ගැන ඒගොල්ලන්ට විවිධ මත තියෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ආයේ ජාතික මැතිවරණයක් තිබ්බොත් එහෙම ජාතික ජන බලවේගය ඡන්ද පදනම අඩුවෙනවායි කියලා. ජාතික මැතිවරණයේ ප්‍රතිඵලය නෙමෙයි මේ ප්‍රාදේශීය ඡන්ද තියෙන්නේ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>