නයනක රුවන්වැල්ල

මේ රටේ බොහෝ අ නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට පරිසර සාක්ෂරතාවය නෑ. ඒක හින්දා මේ අපි කියන්නේ මොකක්ද කියන එක මූලික වශයෙන් තේරුම් ගැනීමේ හැකියාවත් බොහෝ මැති ඇමතිවරුන්ට තිබුණෙත් නැහැ. වර්තමානයේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මේක නැති බව අපිට පේන්න තියෙනවා. මොකද රිලවුන්ව ගෙනිහිල්ලා දූපතක දානවා කියන එක, රිලව් අන්ද සැත්කම් කරනවා කියන මේවා හාස්‍යජනක කතා. මොකද රිලව් දළ වශයෙන් අපි විශ්වාස කරනවා ලක්ෂ තුනක් පහත් අතර පිරිසක් ඉන්නවා කියලා.

එතකොට ලක්ෂ තුනක්, පහත් අතර වඳ සැත්කම් කරන්න ලංකාවේ තියෙන එක මධ්‍යස්ථානයි. එතන වනජීවී පශු වෛද්‍යවරු දෙන්නයි. මේ දෙන්නා මුළු ජීවිත කාලෙම කළත්, මේ දෙන්නාට රිලව්න්ගෙන් අඩුගානේ සීයට දශම දෙකක් කරන්න බැහැ. ක්ෂණිකව, කෙටි කාලීනව විසඳුමක් ලබාගන්න නම් රිලවුන්ට කෑම දීම වහාම නතර කළ යුතුයි. ඔවුන්ට ජලය ලබාදීම නතර කළ යුතුයි.

නයනක රුවන්වැල්ල මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>