පූජ්‍ය බලංගොඩ කස්සප හිමි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා චීන සංචාරය නිමා වීමෙන් පස්සේ පසුගිය දහනම වෙනිදා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ ජාතික ජන බලවේගයේ සමුළුව ඇමතුවා. එහිදී එතුමාගේ කතාව දෙස අපි අවධානය යොමු කරගෙන සිටියාට පස්සේ අපිට තේරුන කාරණය තමයි වාමාංශික දේශපාලන මතවාදයක් දරමින් ධනවාදී දක්ෂිණාංශ ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමට යෑමේ පරාජිත වූ වේදනාව ද්වේෂයක් පෙරටු කොටගෙන සමාජයට මුදාහරින, ත්‍රාඩ රස්තියාදුකාර ස්වභාවයක්.

අපි දැක්කා මේ රටට හුස්ම ගන්න දීපු මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමාව ගෙයින් එළියට ඇදලා දානවා වගේ තර්ජනයක් කරනවා. ඇත්තටම තඹුත්තේගම ඉපදුනු LTTE ත්‍රස්තවාදයෙන් බැට කාපු අනුර කුමාර දිසානායක මහත්මය නෙවෙයි මේ කතා කරන්නේ. මේකෙන් අපි කියන්නෑ මහින්ද රාජපක්ෂ මහත්තයලා හරියටම හරි කියන එක. ඔවුන් මේ ආර්ථික අර්බුදයේ කොටස්කරුවෝ කියන එක පැහැදිලිවම සඳහන් කරනවා. එදා නන්දිකඩාල් කලපුවෙන් විවෘත වුණු ඒ ආර්ථික පුනරුදයකට රට ගෙනියන්න තිබුණු දොර හිතාමතාම මහින්ද රාජපක්ෂ මහත්තයා වනගත වෙන්න දීපු එකේ සාපය තමයි එතුමා මේ භුක්ති විඳින්නේ.

ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ මහා ලේකඛාදීකාරී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මාද්‍ය සාකව්ජාවක් පවත්වන ලදී. එ ඉකුත් 19 වන දින ජනාතිපති අනුර කුමාර දිසානයක මහතා විසින් කළුතර පාක්ෂික සමුලුව අමතා සුදුකල රස්තියාදුකාර කතාවට ප්‍රතිචාර දක්වමිනි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>