සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මාලදිවයිනේ විලා නෝටිකාහි (Villa Nautica) අද (11) ආරම්භ වන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා හෙට (12) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මෙම සමුළුව මාලදිවයිනේදී ලබන 14 වන දින දක්වා පැවැත්වෙන අතර, ආසියානු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය වෘත්තීයවේදීන්, සන්නිවේදන පර්යේෂකයින් සහ නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වනු ඇත.
මෙම සමුළුවට මාලදිවයින් රජයේ නියෝජිතයින්ට අමතරව බංග්ලාදේශ තොරතුරු හා විකාශ අමාත්‍ය, බිමිස්ටෙක් සංවිධානයේ මහ ලේකම්, සාක් සංවිධානයේ මහ ලේකම්, ටිමෝරේ සමාජ සන්නිවේදන රාජ්‍ය ලේකම් ඇතුළු ආසියානු කලාපයේ ප්‍රධානීන් සහභාගී වන බවද වාර්තා වේ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, සමුළුවේ හතරවන සැසියේදී ප්‍රධාන දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී මාධ්‍ය ප්‍රතිපත්ති, මහජන තොරතුරු ප්‍රචාරණය, මාධ්‍ය වෘත්තීයභාවය සහ ජනතාවගේ අවශ්‍යතා සඳහා සන්නිවේදන වගකීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.





