2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා, “Ceylon Tea Village” පොකුරු තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.

එහි මූලික අදියර ලෙස, 2026 ජූලි 15 වන දින ශ්‍රී ලංකාවේ තේ කලාප 144 ආවරණය වන පරිදි “Ceylon Tea Village” වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරෙන අතර,

කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කිරීම, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය, නව තාක්ෂණය හා නවෝත්පාදන හඳුන්වාදීම සහ තේ අපනයන ආදායම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.