අපේක්ෂා රෝහලේ ඖෂධ පිළිබඳ ප්‍රචාරයට නලින්දගෙන් ප්‍රතිචාරයක්..! – 06.10.2026

අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදු කළේය. ඔහු සඳහන් කරන ලද්දේ, ඇතැම් විශේෂිත ඖෂධ සඳහා අවශ්‍ය ප්‍රමාණය අඩු වීම හේතුවෙන් සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී නොවන අවස්ථාවලදී රෝහල් මට්ටමින් ඖෂධ මිලදී...