පසුගිය දින ඇති වූ බන්ධනාගාර අර්බුදකාරී තත්ත්වය හමුවේ රැඳවියන්ගේ ඥාතීන්ගෙන් පළ වූ කලබලකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී. කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු තමන්ගේ දරුවෙකු, ඥාතියෙකු හෝ හිතවතෙකු විය...

