පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකිකයන්ට ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව සිහිපත් කරන පුණ්‍යවන්ත දිනයක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. අදට (29) යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන්පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරන ලදී. එම පණිවුඩය මෙසේය. ''ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු...

