ජනාධිපති අනුර කුමාර දිසානායක අද (29) පොසොන් පොහෝ දින පස්වරුවේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව 2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව එහි පැවැත්වෙන ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ද ජනාධිපතිවරයා එක්විය. තන්තිරිමලේ රජමහා විහාරාධිපති, උතුරු හා නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන...

