නිකවැරටිය ඓතිහාසික ගනේවැව පුරාණ විහාරස්ථානයේ '2026 වෛශාඛ්‍ය මංගල්‍යය' අද (29) දින පැවැත් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. විනාශකාරී දිශාවට ගමන් කරමින් සිටින අනාගත පරපුර ඉන් මුදාගෙන ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගය රජයක් ලෙස භාරගෙන සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිය, බලය සහ ආයතන පද්ධතිය සකස් කිරීමට කටයුතු කරන බවත්...

