ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra), අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ සාකච්ඡාවක් අද (29) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් අවධානය යොමු විය. ශ්‍රී...

