අවිහිංසාව, දයාව සහ සියලු සත්ත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින්, සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී. වෙසක් සැමරුම යනු, ආගමික උත්සවයක්...

