කතරගම, මාර්තු 31, 2026 – නවීන පහසුකම් සහිතව ඉදිකළ Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කරන ලදී. වැඩිහිටි අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය කිරීම රජයේ මෙන්ම සමාජයේද වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මාර්ගගතව සම්බන්ධ වූයේ සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ පිහිටි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ...

