2025 අයවැයෙන් මුදල් වෙන් කළ ඉහළ වටිනාකමක් සහිත යෝජනා 36ක් අතරින් 12ක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ අලුත්ම ඇගයීමෙන් පෙන්වා දෙයි. සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යෝජනාවල ප්‍රතිශතය 2024 ඇගයීමේදී සියයට 17ක් වූ අතර, 2025දී එය සියයට 33 දක්වා ඉහළ ගොස් තිබේ. 2017දී මෙම නිරීක්ෂණය ආරම්භ කළ පසු වාර්තා වූ ඉහළම අගය එයයි.
ඇගයීමට ඇතුළත් කර ඇත්තේ රුපියල් මිලියන 500ක් හෝ ඊට වැඩි මුදලක් බැගින් වෙන් කළ යෝජනා 36කි. ඒවාට වෙන් කළ මුළු මුදල රුපියල් බිලියන 212.25කි. සම්පූර්ණ කළ යෝජනා 12ට අමතරව තවත් තුනක සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී තිබේ. යෝජනා අටක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර තිබූ අතර, පහක ප්‍රගතිය දුර්වල බව ඇගයීමේ සඳහන් වේ. එක් යෝජනාවක් ඉටු නොවූ පොරොන්දුවක් ලෙස වර්ග කර ඇති අතර, තවත් හතක ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී නැත.
පාලම, ජල ව්‍යාපෘතිය සහ කසළ කළමනාකරණයට දුර්වල ප්‍රගතියක්
රුපියල් බිලියනය බැගින් වෙන් කළ මුලතිව් වඩ්ඩුවාකල් පාලම ඉදිකිරීම සහ ගිරිබාව–එප්පාවල ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීම දුර්වල ප්‍රගතියක් පෙන්නුම් කළ යෝජනා අතරට ඇතුළත්ය. අනුරාධපුර මහ නගර සභා බලප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කර තිබූ අතර, එයද එම කාණ්ඩයට ඇතුළත් කර තිබේ.
වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සංශෝධනය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යෝජනා අතර වේ. 2027 අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක, මෙම ඇගයීමෙන් පසුගිය අයවැයේ තෝරාගත් වියදම් යෝජනාවල ප්‍රගතිය ව්‍යාපෘති මට්ටමින් විමසා බැලිය හැකිය.
