ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ඊයේ (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.