අමාත්‍ය නලින්ද ජයතිස්ස.

දැනට පවතින ඖෂධ හිඟය විසඳීමට කඩිනමින් උත්සාහ දරන අතර, එයට බාධාකාරී වන නීති හා රෙගුලාසි කිහිපයක් ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සමහර නීති බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවත එන නීති වන අතර, ඒවා වෙනස් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

එම ගැටළුව හේතුවෙන් අවශ්‍ය කටයුතු පහසු කරගැනීම සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍ය බවද ඔහු පැහැදිලි කරයි.

එමෙන්ම, ප්‍රාදේශීය රෝහල්වල ගොඩනැගිලි සඳහා මුදල් වෙන් කර ඇති අතර, මෙම ප්‍රමාදය නිසා අත්‍යවශ්‍ය උපකරණ මිලදී ගැනීම අපහසු බැවින් එවැනි අවස්ථාවලදී රෝහල්වලට පරිත්‍යාග ලබාදීම ඉතා වටින ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>