මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල.

පසුගිය දිනක අනුමත වූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන් භුක්ති විඳීමින් සිටි සමහර හිමිකම් ආපසු භාරදී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

එම පනත යටතට ආරක්ෂාව යන කාරණය ඇතුළත් නොවූවද ඔවුන් භාවිතා කළ ආරක්ෂිත වාහන පවා ආපසු භාරදීම සිදු කර තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඇතැම් හිමිකම් භාරදිය යුතු වුවත්, ඔවුන්ට ආරක්‍ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක් බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දෑ පිළිබඳව නැවත ඉල්ලීමක් කළහොත් සලකා බැලීමට ආණ්ඩුව සූදානම් බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>