ජනපති අනුර කුමාර දිසානායක

සාධක ගණනාවකින් අපි ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරපු බව පෙන්නුම් කරන්න පුළුවන්. ඩොලරය තුන්සීය අවට තියාගන්න සමත් වී තිබෙනවා. බැංකු පොලී අනුපාතිකය, සීයට දහයට වඩා අඩුවෙන් තබා ගන්න සමත් වී තිබෙනවා. ජාත්‍යන්තර සමාගම්, අපේ ණය අවධානම් පිළිබඳව හා අපේ බැංකු පද්ධතිය කෙරෙහි, ඔවුන්ගේ අගයන් ඉහළ දමා තිබෙනවා. ජපන් රජය විසින් ලබාදෙන ව්‍යාපෘති එකොළහක් නතර කර තිබුණා. ඒ එකොළහම නැවත ආරම්භ කිරීම සඳහා එකඟතාවයට ඇවිල්ලා තිබෙනවා. පහුගිය චීන සංචාරයේදී අපි පැවති ව්‍යාපෘති සහ නව ව්‍යාපෘති හැත්ත හයක් ආරම්භ කරන්න අපි ගිවිසුමකට එළඹුණා. මෑත කාලයේ සුළං විදුලි බලාගාරයක අඩුම ඒකක පිරිවැයකට අපි කොන්ත්‍රාත් එක ප්‍රධානය කරන්න සමත් වුණා.

ජනපති අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>