අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කරන ලද්දේ රජය කිසිදු අවස්ථාවක සෞඛ්‍යයට මුදල් වෙන් කිරීමේදී පැකිලීමක් නොකරන බවය.
මේ වන විට රුපියල් බිලියන 619ක් සෞඛ්‍ය අංශයට වෙන් කර ඇති අතර, එයින් බිලියන 230ක් පමණ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් සහ අදාළ ගෙවීම් සඳහා යොදන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, ගොඩනැගිලි නවීකරණ හා නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 28ක් වෙන් කර ඇති බවය.
නව උපකරණ මිලදී ගැනීම සහ අලුත් වැඩියා කිරීම සඳහා බිලියන 22ක් වෙන් කර ඇති අතර, මේ සියල්ල එකට ගත් විට බිලියන 50ක් සෘජුවම ගොඩනැගිලි හා උපකරණ සඳහා යොදන බව ඔහු අවධාරණය කළේය.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහිතව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ මගින් 2029 වන විට රටේ සෞඛ්‍ය සේවාව තවත් ඉහළ මට්ටමකට ගෙන යාමට හැකිවනු ඇති බවට තමන් හට විශ්වාසය ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.