ඊයේ (25) දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් වටගල මහතා, පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ස්පර්ශ කළ හෝ එසවීමට උත්සාහ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඔහු සඳහන් කළේ, සෙන්කෝලය පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පවතින අවස්ථාවක එය ස්පර්ශ කිරීම හෝ එසවීම බරපතල විනය විරෝධී ක්‍රියාවක් ලෙස ස්ථාවර නියෝගවල පැහැදිලිව දක්වා ඇති බවයි. එවැනි වරදක් පළමු වරට සිදු කළ ද, අදාළ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, සෙන්කෝලය සම්බන්ධ සිද්ධියට අදාළ රූපරාමු සමාලෝචනය කර, එයට සම්බන්ධ වූ සියලු මන්ත්‍රීවරුන් පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තවද, මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තුවේ නැවත ඇති නොවීමට නම් ස්ථාවර නියෝග දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ ඔහු, අදාළ රීතිය අනුව විනය ක්‍රියාමාර්ග ගැනීම පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>





