”මෙතරම් දුම්රිය සේවයට මෙතරම් මහාමාර්ග ක්ෂේත්‍රයට උදව් කරලා තිබියදී අපි කිසිසේත්ම හිතුවේ නෑ. සාමාන්‍ය පෙළ දරුවන් බිල්ලට ගන්න තරම් දුරකට මේ පිරිස යාවි කියලා…”

අද (18) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී දුම්රිය වැඩ වර්ජනය පිලිබදව මෙසේ අදහස් දක්වන ලද්දේ අමාත්‍ය බිමල් රත්නායක විසිනි.

එහිදි ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුව උදෙසා සිදු කළ සේවයන් පෙන්වාදෙමින් අමාත්‍යවරයා සදහන් කරන ලද්දේ එසේ තිබියදීද සාමාන්‍ය පෙළ දරුවන් බිල්ලට ගෙන ඔවුන් වැඩ වර්ජනයකට යාම පිළිබදව තමන් ඉතාමත් කණගාටු වන බවය.

රටට මෙන්ම දුම්රිය සේවයටද මෙතරම් සේවයක් කළ හමුදාව තමන්ගේ තමන්ගේ වෘත්තියට අභියෝගයක් ලෙස සිතන්නේ කෙසේදැයි තමන්ට තේරුම් ගත නොහැකි වගද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>