ගාසා තීරයේ නොවැම්බර් 26 වැනිදා සහ ඊට පෙර රාත්රියේ සිදුවූ ඊශ්රායල ප්රහාර හා වෙඩි තැබීමකින් පලස්තීනුවන් දසදෙනකු මියගිය බව ප්රදේශයේ රෝහල් බලධාරීන් ප්රකාශ කර තිබේ.
Associated Press ප්රවෘත්ති සේවයට අනුව, ගාසා නගරය සහ දේර් අල් බලා ප්රදේශය ආශ්රිතව මරණ වාර්තා වී ඇත. එක් ප්රහාරයකින් හමාස් සංවිධානයේ නිලධාරියකු මරා දැමූ බව ඊශ්රායල බලධාරීහු ප්රකාශ කළහ.
ඊශ්රායලය සහ හමාස් අතර සටන් විරාම එකඟතාවකට එළැඹී වසරකට වැඩි කාලයක් ගතවුවද ප්රහාර සහ වෙඩි තැබීම් අඛණ්ඩව වාර්තා වන බව AP සඳහන් කරයි.



