ඉරානයට පනවා ඇති නාවික අවහිරය උල්ලංඝනය කිරීමට උත්සාහ කළ බව පවසන වාණිජ නෞකාවක් අක්‍රිය කළ බව ඇමෙරිකානු හමුදාව නිවේදනය කර තිබේ.
රොයිටර් ප්රවෘත්ති සේවයට අනුව, බන්දර් අබ්බාස් වරායෙන් පිටත්වූ පැසිෆික් ආචර් නෞකාවට නොවැම්බර් 26 වැනිදා ඕමාන බොක්කේදී ප්‍රහාරය එල්ල කර ඇත. නෞකාවේ ධාවන පද්ධතිය අක්‍රිය වූ නමුත් කාර්ය මණ්ඩලයට හානි නොවූ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසයි.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකරන බවත් ඇමෙරිකානු අවහිරය බිඳදැමීමට කටයුතු කරන බවත් ඉරාන උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් මොක්බර් ප්‍රකාශ කර තිබේ.



