මුජිබුර් රහුමාන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉරාන තානාපති කාර්යාලයට කතා කරලා ඉරාන ජනාධිපතිතුමාව හම්බවෙන්න වෙලාවක් ඉල්ලුවා. ඒ වෙලාව ඉල්ලුවාම ඉරාන තානාපති කාර්යාලයෙන් ලැබුණු පිළිතුර තමයි කාර්යබහුල හින්දා වෙලාවක් ලබාදෙන්න අපහසුයි කියන එක.

නමුත් ඉරාන ජනාධිපතිතුමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. දැන් එදා දවසේ තමයි විපක්ෂ නායකතුමාට දුරකථනයෙන් ඇමතුමක් ලබා දීලා මේකට එන්න කියලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේන්නේ විපක්ෂ නායකතුමාව එතන්ට එන්න නොදී ඉන්න තමයි දුරකථනයෙන් කිව්වේ. ඊටපස්සේ සෝෂල් මීඩියාවල, වෙබ් සයිට් වල ප්‍රචාරය යවනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ආවේ නැහැයි කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>