වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සදහා පැවැත්වූ රජයේ මාධ්‍ය සාකච්චාවක් ඊයේ (02) දින පැවැත්විණි.

එහිදී අවධාරණය කරන ලද්දේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍රයන්ගේ ධාරිතාව දැඩි ලෙස අඩු වී ඇති බවයි. ඉදිරි සති දෙක තුන ඇතුළත වැසි නොපැමිණේ නම් තත්ත්වය තවදුරටත් නරක විය හැකි බවයි.

ඒ අනුව මෙතෙක් පැය 24ම ජලය ලබාදුන් සමහර ප්‍රදේශවලට ඉදිරියේදී සීමා කිරීම් සිදු කිරීමට සිදුවන බවත්, උස් තැන්වල නිවාසවලට ජලය අවම වීම හෝ නොලැබීම සිදුවිය හැකි බවත් මණ්ඩලය අවධාරණය කළා. තට්ටු දෙකේ නිවාසවල උඩ තට්ටුවට ජලය නොලැබීමේ අවදානමද පවතින බවත් සඳහන් කරන ලදී.

මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ප්‍රදේශයන් සීමා කර ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්, ජලය නොලැබෙන ප්‍රදේශවලට වෙනත් මූලාශ්‍රයන්ගෙන් ජලය ලබාදීමේ ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>