ඊයේ (25) දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලද්දේ, විපක්ෂය අභ්‍යන්තර බෙදීම් හේතුවෙන් දේශපාලනිකව අසීරු තත්ත්වයකට පත්ව ඇති බවය.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විවිධ චෝදනා සහ විවේචන කාලයෙන් කාලයට වෙනස් වූ බවත්, අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ යෝජනාවක් පිළිබඳවද විවිධ මත ඉදිරිපත් කළ බවත්ය..
එම යෝජනාව මුලින් එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගයක් ලෙසත්, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බලපාන කරුණක් ලෙසත්, තවත් අවස්ථාවලදී රට ෆෙඩරල්කරණය කිරීම, මැතිවරණ කල් දැමීම සහ තනි පක්ෂ පාලනයක් ඇති කිරීම වැනි චෝදනා ලෙසත් විපක්ෂය විසින් ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.
එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ ආණ්ඩුව තුළ බෙදීමක් පවතින බවට චෝදනා කළද, තම පාර්ශ්වයේ එවැනි බෙදීමක් නොමැති බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





