බුද්දික විජේවර්දන

අපි 2022 අග භාගයේ ඉඳලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විදිහට දරාගත නොහැකි අසාධාරණ බදු සංශෝධන නිසා වෘත්තීයවේදීන්ට ඇතිවිය හැකි බරපතල පීඩනය පිළිබඳව රජය දැනුවත් කරා. නමුත් මේ බරපතල ගැටළුවට විසඳුමක් දෙන්න රජය අසමත් වෙලා තියෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් එකසිය හැටකට අධික ප්‍රමාණයක් රට හැර ගිහිල්ලා.මේකෙන් සීයට හැට පහක් විතර සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ තත්වය තුළ විදුලිබල මණ්ඩලයේ එදිනෙදා ක්‍රියාමාර්ග කරගැනීම ඉතා බරපතල ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම වෘත්තීයවේදීන් මේ රට තුළ රඳවා ගත හැකි ප්‍රමාණවත් බදු සහනයක් ලබාදිය යුතුයි.

ලං. වි. ම. ඉංජිනේරු සංගමයේ බුද්දික විජේවර්දන මධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>