2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි 25 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.
කොමිසන් සභාව සඳහන් කරන අයුරින් පෙබරවාරි 25 සිට මාර්තු 18 දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි.
පළාත් 09 ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර, ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිෂන් සභාව විසින් තීරණය කිරීමට නියමිතව ඇත.
අප්‍රේල් පළමුවන දින සිට ජුනි 31 වන දින දක්වා වූ 2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන කාලසීමාව සඳහා 13.56% ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය 13 වැනිදා මහජන උපයෝගීතා කොමිසන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණි.





