නව ගෑස් ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබා දුන් බැවින් ගෑස් හිඟයක් ඇති වූ බව පසුගිය (20) දින පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රකාශ කරන ලද්දේ විපක්ෂයේ අමාත්‍ය චාමර සම්පත් විසිනි.

මෙයට පිළිතුරු ලෙස ටෙන්ඩර් වල හෝ ගෑස් සැපයීමේ කිසිදු වෙනසක් නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ දිනයක දෙකක නැව් ප්‍රමාදයක් නිසාවෙන් ඇති වූ තත්ත්වයක් මිස ගෑස් සැපයීමේ කිසිදු ප්‍රමාදයක් ලිටරෝ ගෑස් සමාගමට නැති බවත් එතුමා ප්‍රකාශ කරන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ මෙට්‍රික් ටොන් 38,000ක් අවුරුද්ද පුරා ලබා ගැනීමටද ගිවිසුම් ගත වී ඇති බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.