”අපි දැනුවත් වෙන්න ඕනේ මේ ගල් අඟුරු බලාගාරයට මේ ආකාරයෙන් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ලබා ගැනීම නිසා විශාල ගැටළුවකට ඉදිරියේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණය. එක්කෝ තමන්ගේ බිල වැඩි වෙනවා… එහෙම නැත්නම් විදලි කපාදුවක් වෙන්න පුළුවන්…”
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ආ නිසා ධාරිතාව අඩුවී ඇති බවට රට පුරා පැතිරුණු අන්දෝලනය පිළිබදව ලෙකෝ සමාගමේ හිටපු සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා තම අදහස් දැක්වූයේ එලෙසිනි.
එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ මෙගා වොට් 900ක ධාරිතාවෙන් සාමාන්‍යයෙන් මෙගා වොට් 810ක් ලබාගත හැකි නමුත්, මේ දිනවල එය 60–90 මෙගා වොට් අඩු වී ඇති බවයි.
ඒ අනුව, අඩු වූ විදුලිය ඩීසල් බලාගාරවලින් ලබාගැනීම සිදුකරන අතර, ඒකකයකට රු. 60–70ක් පමණ වැයවීම නිසා විදුලි ජනනයේ පිරිවැය දැඩිව වැඩි වී ඇති බවත්,
මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය විසින් විදුලිබිල 5%කින් වැඩි කිරීමට යෝජනා කර ඇති බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කරන ලදී
එබැවින් එතුමා අවධාරණය කරන ලද්දේ මේ පිළිබඳ නිශ්චිත පියවරක් නොගතහොත් ආණ්ඩුව, විදුලිබල මණ්ඩලය, ගල් අඟුරු සපයන ආයතනය හා රජය විශාල ගැටළුවකට මුහුණ දිය හැකි බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නැරඹිය හැක.





