මෑතකදී කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කර ඇති අතර එමගින් ඇති වූ ගැටළු නිවැරදි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී.

එතුමා මේ බව පැවසූයේ ඊයේ (10) දින පැවැති පාර්ලිමේන්තු විවාදයේදීය.

අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, කෝප් කමිටුවේදී විගණනය ඉල්ලා සිටියේද තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බවත්, එය පසුගිය වැරදි හොයමින් නඩු පවරා කටයුතු කිරීමටත් උපකාරී වන බවත්ය.

එසේම නාවික ගනුදෙනු පිළිබඳව 2010 සිට සිදු වූ සියලුම ගැටළු සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කළ යුතු අතර එමගින් පසුගිය වැරදි නිවැරදි කරමින් ඉදිරියට යාමට හැකි වන බවත් එතුමා සඳහන් කරන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු විවාදය අවසන් වන විට ආණ්ඩුවක් ලෙස නිශ්චිත තීන්දුවකට එන බවත්, වැරදි ආවරණය කිරීම වෙනුවට සත්‍යය හෙළිදරව් කර ජනතාවට විශ්වාසය ලබාදීම තම අරමුණ වගත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>