”අපි තැපැල් ගාස්තු රුපියල් 20කන් වැඩි කරාට පස්සේ සමහර විපක්ෂ මන්ත්‍රීවරු ඒකටත් යම් අඳෝනාවක් නගන්න පටන් අරගෙන තිබුණා….ඒගොල්ලෝ හැමදාම නිකන් තැපැල් කන්තෝරුවට ඇවිල්ලා ලියුමක් දානවා වගේ…”
තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් ප්‍රවාහන සේවා කාර්යක්ෂම කිරීමට රුපියල් කෝටි 59 කට අධික වටිනාකමකින් යුත් නව ලොරි රථ 10 ක් සහ කෲ කැබ් රථ 20ක් මිලදී ගැනීම හා තැපැල්කරු මහතුන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදා දීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඊයේ (12) සිදු කෙරිණි.
ආරම්භක උත්සව අවස්ථාව අමතමින් අමාත්‍ය නලින්ද ජයසූරිය මෙසේ අදහස් පළකරන ලද්දේ තැපැල් ගාස්තු වැඩි කිරීම සම්බන්ධව රජයේ ක්‍රියා කලාපය පිළිබදවයි.
එනමුත් මෙම සියලු තීරණ සහ පහසුකම් ලබාදීම දීර්ඝ කාලීනව සිතා සිදු කරනු ලබන කාර්යන් වගත් තැපෑල දියුණු වී ආදායම් ලබා ආදායම් ඉලක්ක ඉක්මවා යන විට එහි වාසිය අත්පත් වෙනුයේද ජනතාවටම වගත් එතුමා වැඩිදුරත් ප්‍රකාශ කරන ලදී.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>







