පසුගිය වසර දෙක තුළ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 818 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන 72 දෙනකු 2026 නොවැම්බර් 27 වැනිදා වන විට මෙරටට රැගෙන විත් නීතිය ඉදිරියේ විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල 2026 නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රතු නිවේදන 233ක් සහ නිල් නිවේදන 92ක් නිකුත් කර ඇති බවය. තවත් 43 දෙනකු රැඳී සිටින රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර, රටවල් කිහිපයක ජීවත් වන එම පිරිසද ඉතා කෙටි කාලයක් තුළ දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.
මෙරට තුළ විදේශ ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වංචා මධ්‍යස්ථාන බරපතළ තර්ජනයක් බවට පත්ව ඇති පසුබිමක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය පසුගිය වසර තුළ මෙහෙයුම් 20ක් සිදු කර ඇති බව ආනන්ද විජේපාල කීවේය. එමඟින් විදේශ ජාතිකයින් 1000ක් අත්අඩංගුවට ගත් බවත් ඒ අතරින් 192 දෙනකු සිය රටවලට පිටුවහල් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
එසේම, 2026 වසරේදී පරිගණක අපරාධ අංශයට පැමිණිලි 6,635ක් වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඉන් පැමිණිලි 1,390ක් විසඳා ඇති බවත්, 75 දෙනකුට අධිකරණය හමුවේ වරදකරුවන් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් අවධාරණය කළේය.





