පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අද (13) දින උදෑසන විනාශ කෙරුණි.

මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 40 ග්‍රෑම් 539 ක්, කැතීන් කිලෝග්‍රෑම් 132 ග්‍රෑම් 79 ක්, කොකේන් ග්‍රෑම් 55 ක් සහ මත්පෙති 3482 ක් කොළඹ මහාධිකරණයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටොවත්ත දහන උඳුන වෙත ප්‍රවාහනය කර දවා විනාශ කරන ලදී.

එමෙන්ම බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 19 ක් සහ රස පරීක්ෂක කාර්යාලයේ නඩු භාණ්ඩ 1500 කට ආසන්න ප්‍රමාණයක්ද අද දින විනාශ කිරීමට නියමිතය.

මෙම විනාශ කටයුතු අධීක්ෂණය සඳහා ගරු මහේස්ත්‍රාත්වරුන්, රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකා පොලිසිය සහභාගී විය.

වැඩි විස්තර අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>