ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 0.10කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 94.71ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 0.35කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 84.03ක් ලෙස සටහන් වූ බවද වාර්තා වී තිබේ.
සෞදි අරාබියේ රාස් තනුරා තෙල් පිරිපහදුවට සහ රියාද් හි මූල්‍ය දිස්ත්‍රික්කයට පහර දුන් බවට යේමනයේ හවුති කණ්ඩායම ප්‍රකාශ කිරීමත්, හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් මුහුදු බෝම්බවල ගැටීමත් හේතුවෙන් බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.





