ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් නොවැම්බර් 25 වැනිදා පස්වරුවේ පවත්වා තිබේ.
කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී මෙම හමුව පැවති බව සඳහන් වේ. එහිදී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහිද අවධානය යොමු කරමින් සුහද පිළිසඳරක නිරත වූ බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. මෙවැනි හමුවීම් හරහා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව හැඟෙන බවද ඔහු එම සටහනේ දක්වා තිබේ.




