අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 3 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නොවැම්බර් 26 වැනිදා නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා හමුවේ නොවැම්බර් 26 වැනිදා පස්වරුවේ නඩුව කැඳවූ අවස්ථාවේ වැඩිදුර සාක්ෂි විභාගය ආරම්භ විය. එහිදී සාක්ෂිකරු අංක 85 අධිකරණයේදී සාක්ෂි ලබා දුන් අතර, සාක්ෂිකරුවන් අංක 9, 38 සහ 85ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කෙරිණි. විත්තිකාර යෝෂිත රාජපක්ෂද එදින විවෘත අධිකරණයේ පෙනී සිටි බව සඳහන් වේ.
රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පිහිටි ඉඩම් කොටස් 5ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.




