දිස්ත්‍රික්ක 16ක ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව යන පළාත්වල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ගිගුරුම් සහිත වැසි සමඟ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.
මේ අතර නොවැම්බර් 26 වැනිදා පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 175ක් කුරුණෑගල බතලගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන් වේ.




