පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 316ක් රැස් කළේය. ඒ අනුව, පළමු ඉනිමේ වාසියද සමඟින් ශ්‍රී ලංකාව පාකිස්තානයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 90ක ඉලක්කයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ මිලාන් රත්නායක නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේය. සොනාල් දිනූෂ ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ආමර් ජමාල් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 3 බැගින් දවා ගත්හ.